27.2 C
Colombo
Saturday, June 21, 2025

නීති විරෝධීව මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 13ක් අත්අඩංගුවට

- Advertisement -

මෙරට මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අද (11) අළුයම් කාලයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහිදී ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ එහි සිටි ඉන්දීය ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි. 

මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 35ක් සහ ඉන්දීය ධීවරයින් 252 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES