විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් වන බවයි වාර්තා වන්නේ.
පළමු වැටලීමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඕමානයේ මස්කට් නුවර සිට ගුවන් තොටුපොළ වෙත පැමිණි කුරුවිට – පරකඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත පුද්ගලයෙක් වන අතර, ඔහු සිය ගමන් මලුවල රුපියල් 860,000ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 8,600ක් අඩංගු දුම්වැටි කාටූන් 43ක් තිබූ බවයි සදහන් වන්නේ.
මේ අතර, කොළඹ – 14, නාගලගම් වීදියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ඩුබායි සිට පැමිණ තිබූ අතර, ඔහුගේ ගමන් මලු අතපසු වී ගුවන් තොටුපොළ තුළ දමාගොස් තිබුණා.
ඔහු එම ගමන් මලු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ රැගෙන යමින් සිටියදී ඒවා තුළ සගවා ගෙන තිබූ රුපියල් 640,000ක් වටිනා “මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,400ක් අඩංගු දුම්වැටි කාටූන් 32ක් සොයාගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා.