දකුණු කොරියාවට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එරටට තුන්වන දිනටත් අඛන්ඩව වැසි ඇද හැලෙමින් පවතින අතර, නායයෑම් සහ උතුරු චන්ග්චෙයොන් පළාතේ වේල්ලක් පිටාර ගැලීමෙන් දහස් සංඛ්‍යාත පිරිස් එම ප්‍රදේශවලින් ඉවත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ගංවතුරෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.