27.6 C
Colombo
Monday, May 20, 2024

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට

- Advertisement -

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව පැවසෙන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිලධාරීන් දෙදෙනා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂ 2 ක මුදලක් අල්ලස් වශයෙන් පුද්ගලයකුගෙන් ඉල්ලා එම මුදල ලබාගන්නා අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වනවා.

සැකකරුවන් අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ කෑම රස නැහැ

පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැති බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබෙනවා. ඔවුන් මෙසේ පැමිණිලි කර ඇත්තේ පසුගිය 10 වැනිදා පැවැති පාර්ලිමේන්තු...

තද වැසි ගැන රතු නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක...

ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු  කළ ඥානසාර හිමිට නිදහස දෙන්න – මහනාහිමිවරු

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...