30 C
Colombo
Monday, May 29, 2023

ඩෙල්ටා ආසාදිතයන් 38ක්; මෙය භයානක තත්වයක් – GMOA

- Advertisement -

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 38 දෙනෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

දෙමටගොඩ, යාපනය, පිළියන්දල, මන්නාරම, බොරැල්ල සහ කොළඹ ඉදිකිරිම් ස්ථානවලින් එම රෝගීන් සොයාගත් බවයි ඔහු සඳහන් කරන්නේ.

ඔවුන්ගේ ආශ්‍රිතයින් හා ඩෙල්ටා ප්‍රභේදය අසාදනය වූවන් තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් ඔහු පවසනවා.

මේ අතර, මාරාන්තික ‘ඩෙල්ටා’ ප්‍රභේදය රට තුළ ව්‍යාප්තව පැවතීම දැඩි අවදානම් සහිත තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

එන්නතකට ඔරොත්තු නොදෙන විකෘති කොවිඞ් ප‍්‍රභේද හමුවී ඇති නිසා එන්නත්කරණය පිළිබඳව පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම අනුවණ කි‍්‍රයාවක් බවත් මෙරට තුළ මේ වන විට පවත්වාගෙන යන සංචරණ සීමා මේ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා දැයි පවතින තත්ත්වය විශ්ලේෂණය කර තීරණයක් ගැනීමට රජය කි‍්‍රයාකළ යුතු බවත් එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවින් ද සොයිසා මහතා පවසනවා.

රට පුරා සැලකිය යුතු පිරිසකට කුමන හෝ එන්නතක් ලබා දුන්නද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ගෙන් මිදී කටයුතු කළහොත් නැවත විශාල ‘කොවිඞ් පොකුරු’ මතුවීමේ අවදානමක් පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත...

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.