25 C
Colombo
Monday, May 20, 2024

ඉවත් කළ ප්ලේන්වලට ශ්‍රී ලංකන් එකෙන් මිලියන 5 ක් බදු ගෙවලා

- Advertisement -

විවිධ කාර්මික දෝෂවලට ලක් ව පියාසර කටයුතුවලින් ඉවත් කර තිබූ ගුවන් යානා 08ක් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වසර දෙකක් තිස්සේ රුපියල් මිලියන 5,646.76ක බදු කුලී මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් සඳහා ගුවන් යානා 27ක් අවශ්‍ය ව තිබුණ ද ඔවුන් සතු ව ඇත්තේ, යානා 24ක් පමණක් බවයි.

2022-2023 වර්ෂයන් සඳහා අදාළ මුල්‍ය ප්‍රකාශයන් නිකුත් කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව පවසනවා.

එම ගුවන්යානා 24න් ද ගුවන් යානා 08ක් පසුගිය වසරේ අප්‍රේල් මස 20 වනදා දක්වා කාර්මික දෝෂ හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ බව සිය විගණනය මඟින් ජාතික විගණන කාර්යාලය පෙන්වා දි තිබෙනවා.

ඒ අනුව, එම ගුවන්යානා 08 සඳහා 2021 වසරේ සිට 2023 අප්‍රේල් මස 20 වනදා දක්වා වසර දෙකක ආසන්න කාලය තුළ මෙලෙස බදු කුලී ගෙවා ඇති බව අදාල වාර්තාවල සඳහන්.

එම අගය ආසන්න වශයෙන් රුපියල් බිලියන 05කට ආසන්න වෙනවා.

පසුගිය කාලයේ ශ්‍රී ලන්කන් ගුවන්සේවය විසින් ලබාගනු ලැබූ නියෝ (NEO) වර්ගයේ ගුවන්යානා මෙලෙස ගුවන් මෙහෙයුම්වලින් ඉවත්කිරීමට සිදු වුණේ ගෝලීය වශයෙන් එම යානාවල එන්ජින්හි ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්.

කෙසේවෙතත්, එම එන්ජින් අලුත්වැඩියා කරන තුරු අමතර එන්ජින් ලබාදීමට නිෂ්පාදක ගුවන් සමාගම සමඟ එකඟත්වයට පැමිණ ඇති බව ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එහි දී පෙන්වා දී තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන්සේවය සතුව නියෝ කාණ්ඩයට අයත් ගුවන්යානා 6ක් පවතින අතර, එහි A320 නියෝ වර්ගයේ ගුවන් යානා 2ක් සහ A321 නියෝ වර්ගයේ ගුවන් යානා 4ක් පවතිනවා.

මේ වන විට එම යානා අතුරින් A320NEO කාණ්ඩය අයත් (4R-ANA) ගුවන්යානය සහ A321NEO කාණ්ඩය අයත් (4R-ANE) ගුවන්යානය මේ වන විට ගුවන් මෙහෙයුම් සඳහා එක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...