28 C
Colombo
Saturday, May 18, 2024

බලපත්‍රයක් නොමැති ඖෂධ හලෙන් ලක්ෂ 6ක අක්ෂි ඖෂධ හමුවෙලා

- Advertisement -

ඖෂධ අලෙවි කිරීමට අවශ්‍ය බලපත්‍රයක් නොමැතිව රාගම නගරයේ ඖෂධ අලෙවි කළ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අක්ෂි රෝග ඖෂධ තොගයක් අත්අඩංගුවට ගත් බව, ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරනවා.

ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසුවේ, ලද තොරතුරක් මත අදාල ස්ථානය පරීක්ෂාවට ලක් කළ බවත්, එම ස්ථානයේ අක්ෂි කාච සහ කණ්නාඩි අලෙවි කරමින් අක්ෂි රෝග සදහා වන ඖෂධ අලෙවි කිරීම සිදුකොට ඇති බව පෙනී ගිය බවයි.  

අදාල ස්ථානයෙහි තිබී අක්ෂි රෝග ප්‍රතිකාර පිනිස ලබා දෙන ඖෂධ වර්ග 16 ක් සොයා ගනු ලැබූ බව බවත්, එහි සේවයෙහි නිරතව සිටි 19 හැවිරිදි සේවිකාවක් සහ ඖෂධ තොගය නිලධාරීන් බාරයට ගනිමින් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදා හළ බවත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

‍රෝමේන් විලිස්ට වාරණ නියෝගයක්

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන රොමේන් විලිස් හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇය විසින් මෑතකදී නිකුත් කරන ලද “ඒ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...