කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තාටකයේ දියනෑමට ගිය කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තියෙනවා.
පොලීසිය සඳහන් කළේ, පිරිසක් සමඟ දියනෑමට ගිය දැරිය දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිට ඇති බවයි.
මියගිය දැරිය වයස අවුරුදු 6ක් වු රඹුක්වැල්ල, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
සිදුවීම සම්බන්ධයෙන් කල්කුඩා පොලීසිය වැඩිදුරට විමර්ශන ආරම්භ කර තිබෙනවා.