34 C
Colombo
Monday, May 6, 2024

යළි හිස ඔසවන මැලේරියාව

- Advertisement -

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා.

අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතරින් බවයි.

ශ්‍රී ලංකාව තුළින් වාර්තා වූ අවසන් මැලේරියා රෝගීයා වාර්තා වූයේ 2012දී වුවත් 2023 වර්ෂයේදීත් මැලේරියා රෝගීන් 62ක් වාර්තා වූ බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පෙන්වා දෙනවා.

එම රෝගීන් බහුතරයක් සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයින් සහ මැණික් වෙළෙඳාම සඳහා ගොස් පැමිණි පුද්ගයින් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරින්ගේ සිහිය ගන්න දේශබන්දුගෙන් වැඩසටහනක්

පොලිස් නිලධාරීන් ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සහභාගිත්වයෙන් සිදුකල වැඩසටහනක් ඊයේ (05) කළුතර පිහිටී ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පවත්වා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

වීසා ගැටලුව විවේචනය කළ තරුණයාට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ටිරාන්

කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...