27.6 C
Colombo
Monday, May 20, 2024

තාඹුගලට දඹුල්ල අවුරා අහිමි වෙයි

- Advertisement -

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී තිබෙනවා.

ඒ අනුව, ගියවර දඹුල්ල අවුරා ලෙස තරග වැදුණු දඹුල්ල කණ්ඩායම මෙවර තරග වදින්නේ දඹුල්ල තන්ඩර් නමින්.

බංග්ලාදේශ ව්‍යවසායකයින් දෙදෙනෙකු විසින් මෙවර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව වාර්තා වනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජුලි මස පළමුවැනිදා ආරම්භ වන අතර, මේ වන විට ක්‍රීඩකයින් 250කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීම සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

2022 වසරේදී දඹුල්ල අවුරා කණ්ඩායමට අනුග්‍රහය ලබාදෙමින් විරන්ජිත් තාඹුගල මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පලකළා.

“ඉදිරියටත් දඹුල්ල සමඟ මම දිගටම රැඳී සිටිනවා.මේ ආයෝජනය දිගටම කරන්න බලාපොරොත්තු වෙන් තමයි මම ආවේ.මුලින් ආයෝජනයක් කරොත් මම ඒක නවත්තන්නෙ නෑ.මොන බාධක ආවත් ඒක මම දිගටම කරගෙන යනවා.”

RECENT ARTICLES - SINHALA

ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු  කළ ඥානසාර හිමිට නිදහස දෙන්න – මහනාහිමිවරු

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය...

රනිල්ගේ උදව්වට ගිය ලන්සාගේ හිත බැසිල් නිසා රිදිලා

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ...

පලිබෝධනාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්

මෙවර යල කන්නය සඳහා  දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම  ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...