25 C
Colombo
Saturday, May 18, 2024

රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

- Advertisement -

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

බ්‍රහස්පතින්දා(25) දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ලබන සිකුරාදා (26) දිනයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙන බවට වාර්තා වනවා.

තවද අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට හෙට දිනයේ පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට, අනිද්දා සහ සිකුරාදා යන දිනවල පැවැත්වීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

යුද ජයග්‍රහණයට අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

ජනපති ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපති...

තවත් ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක්ට එරෙහිව අධි චෝදනා

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...