29 C
Colombo
Saturday, May 18, 2024

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

- Advertisement -

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ශ්‍රි ලංකාව සහ ඉරානය අතර නව ගිවිසුම් 05කටද අත්සන් තැබුණා.

මෙරටට පැමිණ සිටි ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම ගිවිසුම් අත්සන් තැබුවේ ජනාධිපති කාර්යාලයේදී.

මෙහිදී ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය , ඉරාන ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය අතර සහයෝගිතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මේ අතර, ජාතික චිත්‍රපට සංස්ථාව සහ ඉරානයේ සංස්කෘතික හා ඉස්ලාමීය මාර්ගෝපදේශන අමාත්‍යාංශය අතර චිත්‍රපට කර්මාන්තයේ සහයෝගිතාව පිළිබඳවද අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබු අතර මාධ්‍ය සංචාරක ක්ෂේත්‍ර සඳහා මෙන්ම දෙරට අතර සමුපකාර සේවා සම්බන්ධයෙන් ද මෙහිදී ගිවිසුම් අත්සන් කළ බව සඳහන්.

ගිවිසුම් සදහා අත්සන් කිරීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකටද එක්ව තිබුණා.

එහිදී ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව හා ඉරානය අතර දේශපාලන , ආර්ථික , වෙළද සහ සංස්කෘතික සබඳතා පුළුල් කිරිම සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොමැති බවයි.

උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණියා.

RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...