27 C
Colombo
Sunday, May 19, 2024

සිරිසේන නිසා අසාධාරණයට ලක්වුවන් ගැන හොයන්න දුමින්දගෙන් කමිටුවක්

- Advertisement -

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර කඩිනමින් පිරවීමට කටයුතු කරන බවයි.

මේ අතර, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ ආසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය ඊයේ (25) තීරණය කර තිබෙනවා.

දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ලසන්ත අලගියවන්න, වීර කුමාර දිසානායක හා නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ සභාභාගිත්වයෙන් එම කමිටුව පත් කළ බවයි.

එහි සභාපතිත්වය තමන් විසින් හොබවන බවද දුමින්ද දිසානායක මහතා පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...