27 C
Colombo
Sunday, May 19, 2024

බලශක්තියට නව නියාමන ආයතනයක්

- Advertisement -

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන, ආනයනය පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වුවද මෙම අංශයට පුළුල් නියාමන යාන්ත්‍රණයක් නොමැති බව රජය පවසනවා.

පෞද්ගලික ආයතන රාශියක්ද ඛනිජතෙල් නිෂ්පාදනය, ආනයනය සහ බෙදාහැරීම සඳහා සම්බන්ධ වී සිටින බැවින් එම අංශයේ අභියෝගවලට විසඳුම් සෙවීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ගේ, ආයෝජකයන්ගේ හා අනෙකුත් පාර්ශ්ව කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන, ඵලදායී කාර්යක්ෂම නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවද රජය වැඩිදුරටත් සදහන් කරනවා.

ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම පිණිස විදුලිබල හා බලශක්තිය අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...