25 C
Colombo
Monday, May 20, 2024

නිදහස් පක්ෂෙ නියෝජිතයෝ කවුද කියන එක ජනතාවට දැන් ප්‍රශ්නයක් – මල්වතු මහනාහිමි

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නියෝජිතයන් කවුද යන්නදැන් ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මහනාහිමියන් පවසනවා.

උන්වහන්සේ පවසා ඇත්තේ කණ්ඩායම් තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතිවාසිකම් කීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය උද්ගතව ඇති බවයි.

ආමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රීලනිප නියෝජිත පිරිසක් ඊයේ (26) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මහනාහිමියන් මේ බව ප්‍රකාශ කර තිබුණා.

පක්ෂයේ සැබෑ අයිතිය කාටද යන ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට සිදු වන්නේ අධිකරණයෙන්ම බවත්, පක්ෂ ව්‍යවස්ථාවක් තිබෙන නිසා අධිකරණය මඟින් ඉදිරියේදී සාධාරණ තීන්දුවක් දෙනු ඇති බවත් මහ නාහිමියන් මෙහිදී ප්‍රකාශ කළා.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ 116 දෙනකු ඒකමතිකව වැඩබලන සභාපති ලෙස තමා තෝරාගෙන ඇති බවයි.

එම තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන්නේ විධායක සභාව නියෝජනය කරන පිරිස අතුරින් 10 දෙනකුටත් අඩු කණ්ඩායමක් බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබුණා.

විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ වෙනම දේශපාලන පක්ෂ සමඟ ගමන් කළ යුතු යැයි සිතන පිරිසක් අධිකරණයට ගොස් වාරණ නියෝග ගෙන ඇති බවයි.

තම පාර්ශවයද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව ඔහු තවදුරටත් පවසා තිබුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්‍යන්ත මිත්‍රපාල, සරත් ඒකනායක, සජින් ද වාස් ගුණවද ර්ධන, සරත් ඒකනායක, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්වරු සහභාගි වුණා.

RECENT ARTICLES - SINHALA

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...