25 C
Colombo
Monday, May 20, 2024

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් දින 5ක සිට අතුරුදන්

- Advertisement -

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙක්.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ පිළිබඳව තොරතුරක් නොමැතිව අදට දින 6ක් ගත වී තිබෙනවා.

ඔහු පසුගිය 22 වනදා සිය වෙළෙඳසැලෙහි සේවකයෙක් සමඟ කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබුණා.

අදාළ නිවසට ගිය අවස්ථාවේ සිට ඔහු පිළිබඳ කිසිඳු තොරතුරක් මේ දක්වා ලැබී නොමැති බවයි වාර්තා වෙන්නේ.

අතුරුදන්වීමට පෙර සුසිත ගිය බව පැවසෙන නිවසේ හිමිකරු වන සිඟිති නමැති පුද්ගලයාගෙන් සුසිතගේ මිතුරෙකුට දුරකථන ඇමතුමක්ද ලැබී තිබු අතර එම ඇමතුම සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසා තිබෙනවා.

“අඟහරුවාදා රෑ 7:58ට සිඟිති කියන කෙනා මට කෝල් එකක් ගත්තා. මං තාත්තා කෙනෙක් වශයෙන් මගේ දුවට සාධාරණයක් කෙරුවා කිව්වා. දැන් වැඩක් නැහැ ඒක කතා කරලා. ඌව මම මරලා ඉවරයි කිව්වා. ආයේ ඌට එන්න හම්බවෙන්නේ නැහැ කිව්වා.”

සිද්ධිය පිළිබඳව කුලියාපිටිය පොලීසිය විමර්ශන මෙහෙයවන අතර ඊට අදාළ සැක සහිත මෝටර් රථයක්ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වෙසක් පෝයට සුරාසැල් වැසෙන දින මෙන්න

වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පොහොය දින (23) සහ වෙසක් පොහොය දිනට පසු දින (24) යන දින දෙකෙහි දිවයිනේ සියලුම සුරාසැල් වසාතැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා...

නිවසක සිටි කාන්තාවකට මා‍රාන්තික ඇසිඩ් ප්‍රහාරයක්

කහව නිවසක කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. අම්බලන්ගොඩ පොලීසිය පවසන්නේ මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ කාන්තාව මිය ගොස් ඇති බවයි. පාසලකට ආහාරපාන සපයන වසය 59ක් පමණ වන...

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත අධිකරණයෙන් නියෝගයක් 

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...