34 C
Colombo
Monday, May 6, 2024

සංචරණ සීමා නැවත පනවනවා ද? – යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

- Advertisement -

ඊළඟ සතිඅන්නතයේ දීත් නැවත සංචරණ සීමා පනවන්නේ ද යන තීරණය මැයි මස 28 වන දිනයෙන් පසුව ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම තීරණය පිළිබඳ සාකච්ඡාවක් මැයි මස 25 වන දිනයෙන් පසුව ජනාධිපතිවරයා සමඟ පවත්වන බව‍යි ඔහු පවසන්නේ.

කෙසේ නමුත්, වෛද්‍ය සංගම් 4ක එකතුවක් පවසා සිටියේ, ලබන 25 වන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බව‍යි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“කියන දෙයක් අපේ කාර්ය සාධක බලකායට කිව්වා නම් ඒක සාකච්ඡාවට භාජනය කරලා සුදුසුම ක්‍රියාවලිය ගන්න පුළුවන්. ඒ අතර 28 වන දා උදෑසන දක්වා දැනට තිබෙන ක්‍රමවේදය අනුව සංචරණ සීමා පනවා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා 25, 26 හෝ 27 දිනවල දී සාකච්ඡාවක් පවත්වලා අපට අවශ්‍ය වුනොත් තත්ත්වය සලකා බලා තව දුරටත්සංචරණ සීමා දීර්ඝ කරනවා ද කියන එක තීරණය කළ හැකියි කියලා. එහිදී කවුරුදු එපා කිව්ව කතාවක් නෑ. ජනාධිපතිවරයා ඊයෙත් ඒක කිව්වා අපිට 25, 26 හෝ 27 වෙද්දි ඊළඟ සති අන්තයත් මේ වගේ සංචරණ සීමා පනවනවා ද එතනිනුත් එහාට තවදුරටත් දින කිහිපයක් වැඩි කරන්න අවශ්‍ය නම් ඒකත් අපි සලකා බලන්න පුළුවන් කියන කාරණය.“

RECENT ARTICLES - SINHALA

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

ෆොන්සේකාට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බලන්න දිනයක්

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය...

පොලිස් නිලධාරින්ගේ සිහිය ගන්න දේශබන්දුගෙන් වැඩසටහනක්

පොලිස් නිලධාරීන් ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සහභාගිත්වයෙන් සිදුකල වැඩසටහනක් ඊයේ (05) කළුතර පිහිටී ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පවත්වා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...