25 C
Colombo
Monday, May 20, 2024

සිව්වැනි කොරෝනා රැල්ල හමුවේ ඔලිම්පික් ප්‍රේක්ෂකයින්ට දැඩි සීමා

- Advertisement -

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ප්‍රේක්ෂකයින් සඳහා කොවිඩ්-19 ආසාදනය වී නොමැති බවට සහතිකයක් හෝ එන්නත් කිරීමේ වාර්තා පෙන්වීම අවශ්‍ය වන බවට කොන්දේසි පැනවීමට ජපානය සූදානම් වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානය පසුගිය සිකුරාදා ටෝකියෝ සහ අනෙකුත් ප්‍රදේශවලට පනවා තිබූ කොවිඩ්-19 හදිසි තත්වය ජුනි 20 දක්වා දීර්ඝ කිරීමට පියවර ගන්නා ලදී.

ක්‍රීඩා උළෙල ආරම්භවීමට මාස දෙකකටත් අඩු කාලයක් පැවතිය දී සිව්වන කොරෝනා රැල්ලක ලකුණු මතුවීම සහ එරට එන්නත්කරණයේ මන්දගාමීත්වය ඔලිම්පික් උළෙල කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇති බවට ද මත පළවෙමින් තිබේ.

මේ වන විටත් විදේශීය ප්‍රේක්ෂකයින්ට ඔලිම්පික් උළෙල තහනම් කිරීමට ජපානය කටයුතු කර තිබේ.

මෙම තත්ත්වය යටතේ ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත ක්‍රීඩා උළෙලට ජපන් ප්‍රේක්ෂකයින්‍ට ද සහභාගී විය හැකිද යන්න සහ කුමන කොන්දේසි යටතේ සහභාගී වීමට ඉඩ ලබා දෙන්නේ ද යන්න පිළිබඳව සංවිධායකයින් ලබන මාසයේ තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් රජයේ ඉහළම ප්‍රකාශක ලෙස සැලකෙන කට්සුනොබු කැටෝ (Katsunobu Kato ) සඳුදා දිනයේ මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගන්නා බවයි.

“ඔලිම්පික් උළෙල සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ හැඟීම් සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍යයි” යැයි කැටෝ ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ක්‍රීඩා උළෙල ආරක්ෂිතව පැවැත්වීම සඳහා පියවර ගෙන ඇති බව සහතික කිරීමට සංවිධායකයින් සූදානම් වන බව ද ඔහු පැවසීය.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...