27 C
Colombo
Sunday, May 19, 2024

කොළඹ කඩාවැටීමට ආසන්න නිවාස සංකීර්ණයක ජනතාව විරෝධතාවයක

- Advertisement -

කොම්පඤ්ඤවීදිය – ස්ටුවර්ට් වීදියේ – වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයට අයත් මහල් නිවාස සහිත ගොඩනැඟිලි කිහිපයක් කඩාවැටීමට ආසන්න තත්ත්වයේ සහ පදිංචියට නුසුදුසු අවදානම් තත්ත්වයේ පවතින බව සඳහන් කරමින් නිවැසියන් ඊයේ (01) උද්ඝෝෂණයක නිරත වුණා.

ඔවුන් සඳහන් කරන්නේ වහාම එම නිවාස කඩා දමා තමන්ට සුදුසු පරිසරයක නව ස්ථීර නිවාස ලබා දෙන ලෙසයි.

විරෝධතාකරුවන් පවසා සිටියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඔවුනට කොළඹ නගරය ආශ්‍රිතව පහසුකම් සහිත නව නිවාස ලබා දෙන බවට පොරොන්දු වූවත් එය මෙතෙක් ඉටු නොවූ බවයි.

කඩාවැටීමට පවා ආසන්න, ජීවත්වීමට නුසුදුසු පරිසරයක තිබෙන මෙම නිවාස තුළ දැනටත් කුඩා දරු දැරියන් ද ඇතුළුව පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙන බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඡායාරූප අයිතිය – ප්‍රදීප් දිල්රුක්ෂණ

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...