25 C
Colombo
Monday, May 20, 2024

ලංකාවෙ දෙවැනියට විකිණෙන ස්මාට්ෆෝන් එක

- Advertisement -

2011 දී පටන්ගත් චීනයේ ෂයොමි ආයතනය දැන් ලෝකයේ සිව්වැනි ලොකුම ස්මාට්ෆෝන් කම්පැණිය. පසුගිය දවසක එළිදැක්වූ ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන්හි කාර්තුවක් ගාණේ පළ කරනු ලබන ජංගම දූරකථන පිළිබඳ දත්ත වාර්තාවේ 2020 තුන්වැනි කාර්තුමය වාර්තාව අනුව ලංකාවේ දෙවැනි විශාලම ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ්නේම් එක ෂයොමි.

ඒ අනුව ලෝකයේ වේගයෙන් පැතිරෙන මෙම සමාගම ලංකාවේත් විශාල බලයක් ලබාගෙන සිටින බව පැහැදිලියි. MI සහ Redme යන ජංගම දූරකථන එම සමාගමෙන් නිපදවනවා. පසුගිය කාලයේ එම ජංගම දූරකථන සමාජයේ පැතිරවීමේ විශාල ප්‍රචාරක මාලාවක් දියත් කර තිබුණා. ඒ අනුව පසුගිය කාර්තුවේ වෙළඳාම් තුන් ගුණයකින් වැඩි කරගෙන.

Xiaomi ශ්‍රී ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරී විද්‍යා සාගර් මහතා මෙසේ කියා තිබුණා. “Xiaomi ශ්‍රී ලංකාවේ මෙය අපට ප්‍රීතිමත් අවස්ථාවක්. තව තවත් වෙහෙස මහන්සි වෙලා හොඳම නිෂ්පාදනය ගේන්න අපි උත්සාහ කරනවා. ඉදිරියේ නත්තල් සමයේදී විශේෂ වෙළඳ ප්‍රචාරක ව්‍යාපෘති සිදු කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙයි. දැන් ෂියොමි සමාගම අන්තර්ජාලයේ විකුණුම් සඳහා Daraz.com සමඟ එක්ව කටයුතු කරමින් සිටී. Xiaomi විසින් දිවයින පුරා නොබැඳි හවුල්කරුවන් 1100 කට වැඩි පිරිසකගේ ජාලයක් ඇති කිරීමත්, ශ්‍රී ලංකාව තුළ එහි පැවැත්ම ශක්තිමත් කිරීමටත් සැලසුම් කරමින් සිටී.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...