25 C
Colombo
Monday, May 20, 2024

අද සෑම නිවසකම කළුකොඩි ඔසවන්න – කාදිනල්

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීමට විරෝධය පළකරමින් අද (21) සෑම නිවසකම කළුකොඩි ඔසවන ලෙස අගරදගුරු පදවිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් ද යොමුකර තිබුණා.

ඒ අනුව, ප්‍රහාරයට වගකිවයුතු අය නිසි ලෙස මෙතෙක් හෙළිදරව් කිරීමට රජය අපොහොසත්වීම හේතුවෙන් කතෝලික සභාව විසින් අද දිවයින පුරා කළුකොඩි එසවීමට තීරණය කර තිබෙනවා.

අද පෙරවරු 8.45ට දේවස්ථානවල මළ සීනුව නාද කර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීමට නියමිත අතර පෙරවරු 8.45 සිට 9.45 දක්වා දේවස්ථානවල යාඥා මෙහෙයක් පැවැත්වීමටද නියමිතයි.

එමෙන්ම පස්වරු 7 සිට 8 දක්වා නිවාසවල සිට ජපමාලය උච්චාරණය කර යාඤා කරන ලෙස ද බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව කතෝලික සභාව පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...