30 C
Colombo
Tuesday, May 7, 2024

පකිස්තානයේ තලේබාන්වරු ප්‍රහාර වේගවත් කරති

- Advertisement -

තරෙක් ඊ තලේබාන් හෙවත් පකිස්තාන තලේබාන් සංවිධානය එරට තුළ එල්ල කරන ප්‍රහාර වැඩි කිරීම හේතුවෙන් බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

පසුගියදා පකිස්තානයේ ක්වෙට්ටාහි ආරක්ෂක මුරපොලක් එල්ල කරගෙන ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් හමුදා සාමාජිකයන් තිදෙනෙකු මියගිය අතර සිවිල් වැසියන් තිදෙනෙකු ඇතුළු තවත් විස්සකට අධික පිරිසක් තුවාළ ලැබූහ.

මෙම ප්‍රහාරයේ වගකීම පකිස්තාන තලේබාන්වරුන් විසින් භාරගෙන ඇති අතර ප්‍රහාරය අගමැති ඉම්රාන් ඛාන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

මේ අතර ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පවසා ඇත්තේ මෙය පකිස්තානයේ ගැටලුවක් බවයි.

මෙය පකිස්තානය එහි ආගමික නායකයන් එක්ව විසදාගත යුතු බවත් ඇෆ්ගනිස්තාන තලේබාන්වරුන්ට ⁣පකිස්තාන තලේබාන්වරුන් ක්‍රියා සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නොමැති බවත් ඔහු පවසා තිබේ.

තලේබාන් සංවිධානය පකිස්තානයේ ආගමික පාසල් ආශ්‍රිතව බිහිවූවක් වන අතර මේ වනවිට එය පකිස්තානය තුළ මෙන්ම ඇෆ්ගනිස්තානය තුළ ද ක්‍රියාත්මක වේ.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක සංවිධානයට පකිස්තාන හමුදාවේ සහය හිමිවුවත් පකිස්තානයේ ක්‍රියාත්මක පාර්ශ්වය එරට රජයට එරෙහිව ක්‍රියාත්මක වීම බරපතල නොගැලපීම් නිර්මාණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ජාතික ගුරු සභාවට කැබිනට් අනුමැතිය

අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් හරහා ගුරුවරුන්ගේ වෘත්තීමය භාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතයන් හා සමගාමීව ජාතික...

මන්නාරම සුළං බලාගාර ටෙන්ඩරය අදානිට

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි...

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව අප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...