33 C
Colombo
Monday, May 6, 2024

පවිත්‍රා කීවේ බොරුද? – ජාසිංහට කැඳවීමක් නෑ

- Advertisement -

කොවිඩ් මර්දන කමිටුවේ උපදේශකයෙකු ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කැඳවන බවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියත් ඒ සඳහා මෙතෙක් කැඳවීමක් කර නොමැති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොවිඩ් මර්දන වැඩපිළිවෙලට විශාල දායකත්වයක් ලබාදෙමින් සිටියදී ඔහු ඉවත් කිරීම පිළිබඳ විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඔහු කැඳවන බව කියා තිබුණි.

ඇය ප්‍රකාශ කර තිබුණේ තමන් කතාව පවත්වන දිනයේ සිටම අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්දනය පිළිබඳ සාකච්ඡාවලට සහභාගී කරවාගන්නා බවය. එහෙත් මේ දක්වාම ඔහු එවැනි සාකච්ඡාවකට සහභාගී කර නොගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට කියා තිබුණි.

වසංගත තත්වය මැද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරෙන් වෛද්‍ය අනිල් ජාසිංහ ඉවත් කොට වෙනත් නනතුරකට යැවීම ගැන විවිධ පිරිස් විවේචන ඉදිරිපත් කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

ෆොන්සේකාට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බලන්න දිනයක්

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...