34 C
Colombo
Monday, May 6, 2024

රස්තියාදුවෙන්න එන්නේ නැහැ කියූ සිරිල් ගාමිණි පියතුමන් පොලිස් නියෝග මත අද යළි CID යට

- Advertisement -

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව හමුවේ දින 02ක කාලයක් පැය 16ක කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු තමන් යළි රස්තියාදුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොඑන බව පැවසු සිරිල් ගාමිණි පියතුමන්ව අද (22) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ අද පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස සිරිල් ගාමිණි පියතුමන්ට දැනුම්දුන් බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ට එවකට බ්‍රිගේඩියර්වරයෙකුව සිටි වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා සහ මෙරට බුද්ධි අංශ අනුග්‍රාහය සපයා ඇති බවට සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශයක් සිදුකළේ ඉකුත් නොවැම්බර් මස 23 වනදා පැවති සූම් තාක්ෂණික සම්මන්ත්‍රණයකදීයි.

පසුව එම ප්‍රකාශයට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකළා.

කෙසේ වෙතත් මුල් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිම ප්‍රතික්ෂේප කළ සිරිල් ගාමිණි පියතුමන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ අතර එය සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්චිතව සඳහන් කරන වේලාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කළා.

ඒ අනුව ඉකුත් 15 වනදා සහ 16 වනදා සිරිල් ගාමිණි පියතුමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 08 බැගින් පැය 16ක කාලයක් ප්‍රකාශ ලබාගත්තා.

කෙසේ වෙතත් 16 වනදා ප්‍රකාශ ලබාදීම අවසානයේ සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබුවන්, වින්ධිතයෙක් වන තමන් මෙන් රස්තියාදු නොවන පරිසරයක තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තෙවන දිනටත් කැඳවිමක් සිදුකළද තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි.

කෙසේ වෙතත් පොලිස් කැදවීමට අනුව සිරිල් ගාමිණි පියතුමන් අද පෙ.ව 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිටියා.

එම අවස්ථාවේ කොළඹ පදවියේ කතෝලික රදගුරුතුමන්ලා, පියතුමන්ලා සහ පැවිදි සොහොයුරියන්ද සිරිල් ගාමිණී පියතුමන් හට සහය දැක්වීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට රැස්වුණා.

RECENT ARTICLES - SINHALA

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

ෆොන්සේකාට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බලන්න දිනයක්

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය...

පොලිස් නිලධාරින්ගේ සිහිය ගන්න දේශබන්දුගෙන් වැඩසටහනක්

පොලිස් නිලධාරීන් ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සහභාගිත්වයෙන් සිදුකල වැඩසටහනක් ඊයේ (05) කළුතර පිහිටී ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පවත්වා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...