25 C
Colombo
Monday, May 20, 2024

කෝලිව පසුකළ ගප්ටෙල් T20 වැඩිම ලකුණු ලාභින්ගේ ලැයිස්තුවේ පෙරමුණට

- Advertisement -

ජාත්‍යන්තර T20 පිටියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් සමත්ව තිබෙනවා.

ඒ මේ දක්වා එම ස්ථානයේ රැඳී සිටි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි පසු කර යමින්.

ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ දී ලකුණු 31ක් රැස්කළ ගප්ටෙල් මෙම කඩයිම පසු කිරීමට සමත් වුණා.

ඒ අනුව මේ වන විට විස්සයි විස්ස තරඟ 111 කට සහභාගී වී ඇති ගප්ටෙල් රැස් කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 3248 ක්.

එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි රැදී සිටින්නේ තරඟ 95 කදී ලකුණු 3227ක් ලබා ගනිමින්.

විස්සයි විස්ස වැඩිම ලකුණුලාභීන් අතර තෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා යි.

කෙසේ වෙතත් පසුගියදා අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයෙන්ම ඉන්දීය කණ්ඩායම ඉවත්වීමත් සමග එතෙක් ඉන්දීය T20 නායකයා වූ විරාත් කෝලි නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියෙන් විරාත් කෝලි විවේක ගැන්වීමටද ඉන්දීය බලධාරින් කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...