25 C
Colombo
Monday, May 20, 2024

නවසීලන්තයේ අජාස් පටෙල්ගෙන් ලෝක වාර්තාවක්

- Advertisement -

ටෙස්ට් තරගයක එක් ඉනිමකදී ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10ම තමා සතු කරගත් ලොව තෙවැනි පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට නවසීලන්තයේ දඟ පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් අද සමත් වුණා.

ඒ ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ඉන්දීය පළමු ඉනීමේ සියලුම කඩුලු තමා සතු කරගනිමින්.

මෙහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අජාස් පටෙල් පන්දුවාර 47.5ක් යොමු කරමින් ඉන්දීය කණ්ඩායමේ කඩුලු 10ම දවාගත්තේ ලකුණු 119ක් පමණක් ලබාදෙමින්.

ඒ අනුව එවැනි දක්ෂතාවයක් දැක්වූ ලොව තෙවන පන්දු යවන්නා බවට අජාස් පටෙල් පත්විය.

මීට පෙර එම දක්ෂතාවය දක්වා ඇත්තේ ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම පන්දු යවන්නෙක් ලෙස සැලකෙන එංගලන්තයේ ජිම් ලෙකර් සහ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ පමණි.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...