25 C
Colombo
Sunday, May 19, 2024

ස්පුට්නික්-5 එන්නත ගේන්න කතාකළා- චන්න ජයසුමන

- Advertisement -

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම පිළිබඳ රුසියානු තානාපති යුරි මටෙරි සමඟ තමා සාකච්ඡා කළ බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඩේලි මිරර් වෙත කියා ඇත.

එහිදී රුසියාව පූර්ණ සහයෝගය ලබාදීමට එකඟ වූ බව ඔහු කියා තිබේ.

මේ වන විට රුසියාවේ ස්පුට්නික් 5 එන්නත, රුසියාව සමඟ එක්ව ඉන්දියාවේ ඩොක්ටර් රෙඞ්ඩි නම් ආයතනයේදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

එන්නත් ලියාපදිංචිය වෙනුවෙන් විවෘත ආකල්පයක රජය සිටින බව ඔහු වැඩිදුරටත් කියා ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය කොවිඞ්-19 එන්නත් ලියාපදිංචිය සඳහා සූදානම් වෙමින් සිටින බවද ප්‍රකාශ කර ඇත.

ප්ෆයිසර් සහ මොඬේනා සමාගම්වල ලාංකික නියෝජිතයන් ලෙස කටයුතු කරන සමාගම්වලට, එම සමාගම්වල එන්නත ලංකාවේ අනුමැතියට ලක් කළ හැකි බව දැනුම් දී ඇතැයි ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...