29 C
Colombo
Saturday, May 18, 2024

පෝය දවසේ වෙඩරුවේ උපාලිගෙන් යුදහමුදාපතිට අමුතු බණක්

- Advertisement -

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරුන් ජෙනරාල් ධූරයට උසස් කිරීමෙන් අනතුරුව මහනුවර දළදා මාළිගාවට ගොස් උදුවප් පොහොය දිනය වන ඊයේ (29) දිනයේ දළදා මාළිගාව වැදපුදා ගත්තා.
ඉන් අනතුරුව යුද හමුදාපතිවරයා මල්වතු හා අස්ගිරි නාහිමියන් බැහැ දුටු අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ අමුතු බණක් යුදහමුදාපතිවරයා වෙත දේසනා කර තිබෙනවා.
එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ “ධර්මයට මුල්තැන දී කටයුතු කලහොත් රටත් ඉවරයි ජාතියත් ඉවරයි” යනුවෙනි.

“මූලික දේ මිනිහා ජීවත්වෙන්න ඕනේ. එතනදී සිංහලද, දෙමළද, මුස්ලිම්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. රට-ජාතිය-ආගම. ඉස්සෙල්ලා රට රැකගන්න ඕනේ. ඊට පස්සේ ඒ ඒ ජාතීන්, ඊට පස්සෙ තමයි ධර්මය තිබෙන්නේ. අපි ධර්මයට මුල්තැන දීලා කටයුතු කරන්න ගියොත් රටත් ඉවරයි ජාතියත් ඉවරයි. අනිත් එක මේ වෛද්‍යවරු තීරණය කරපු දේකට මේ සාමාන්‍ය මහජනයා පාර හරස් කරගෙන කටයුතු කරනකොට කොහොමද මේ රට ගෙනියන්නේ.”

මීට පෙර අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පුණ්‍යකර්මයකදීද මෙරටට අවශ්‍ය මිලිටරි පාලනයක් සහ හිට්ලර් වැනි නායකයෙක් යනුවෙන් උන්වහන්සේ පැවසූ බණක් සම්බන්දයෙන් සමාජයේ දැඩි විවේචනයට ලක්වුණා.

RECENT ARTICLES - SINHALA

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිති කොට ගෙන ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී...

සිරිපා වඳින්න ගිය තරුණයින් 6 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු ඊයේ (17) පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...