25 C
Colombo
Monday, May 20, 2024

ලොක්කන්ගේ පීඩා නිසා STF 3000ක් ඉවත් වීමට සැරසෙති

- Advertisement -

පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතැම් උසස් නිලධාරින්ගේ පීඩාකාරී පරිපාලන ක්‍රමවේද හේතුවෙන් එම බළකායේ සාමාන්‍ය රාජකාරි හී නියුතුව සිටින නිලධාරීන් 3000කට අධික පිරිසක් ඉදිරියේදි සාමාන්‍ය පොලිස් සේවය වෙත මාරුවීමට අපේක්ෂාවෙන් සිටින බව ‘දිනමිණ’ ට වාර්තා වෙයි.

කොවිඩ්-19 දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අනතුරුව අදාළ නිලධාරින් සිය මාරුවීම් උදෙසා බලකායේ අණදෙන නිලධාරිවරයා වෙත ලිපි භාරදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

දීර්ඝ කාලයක සිට බළකායේ උසස් නිලධාරින් ඔවුන්ගේ පුද්ගලික සුඛවිහරණයට පමණක් සියලු පහසුකම් සපයා ගැනීම, අවධානම්කාරී නිල ඇඳුම් රාජකාරි කරන සාමාන්‍ය නිලධාරින්ට ප්‍රමුඛතාවක් නොදී මූලස්ථානයේ සිවිල් රාජකාරි හී නිරතවන පිරිස් වෙත සුවිශේෂි වරප්‍රසාද දීම සහ උසස් නිලධාරින් විසින් සාමාන්‍ය නිලධාරින්ගේ පුද්ගලික සුභසාධනය කිසිදු තැකීමකට ලක් නොකිරීම යන හේතු නිසාවෙන් මෙම තීරණය ගැනීමට නියමිත බව පැවැසේ.

දිනමිණ

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...