25 C
Colombo
Monday, May 20, 2024

“මැතිවරණ දින දසුනක් ඕනෑ” – සී.එම්.ඊ.වී

- Advertisement -


මැතිවරණ කොමිසම සියල්ලට පෙර නිශ්චිත මැතිවරණ දින දසුනක් සකස් කරගත යුතු යැයි ද එසේ නොවුණහොත් විවිධ ආණ්ඩු දේශපාලනිකව මැතිවරණ කල්දැමීමේදී දෝෂාරෝපණයට ලක්වීමට කොමිසමට සිදුවනු ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘නිව්ස් 19’ට අද(1) පැවැසීය.


නිශ්චිත මාර්ගෝපදේශ හා පාලිත කොවිඞ් තත්ත්වයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි වුවත් ආණ්ඩුවට ඊට අවංක කැපවීමක් නැතැයි කී හෙතෙම භික්ෂූන් වහන්සේලා මතවාදීව පළාත් සභාවලට විරුද්ධව මෙහෙයවීමෙන් එය ප්‍රදර්ශනය වන්නේ යැයි ද පැවැසීය.


පළාත් සභා මැතිවරණය ගැන කැබිනට් තීරණයක් නොගෙන ඒ පිළිබඳ තීරණය දේශපාලන පක්ෂ නායකයන්ට යොමුකිරීමෙන් පෙනීයන්නේ එය ආණ්ඩුවේ ජනප්‍රියභාවය පිළිබඳ ප්‍රශ්නයක් යැයි ද එහිදී සිදුවන්නේ එකඟතාවයකින් තොරව තීරණ ගැනීම කල්යෑම යැයි ද ගජනායක මහතා කීය.


පැරැණි මහජන නියෝජිතයන්ම නැවත පළාත් සභාවට පත්කිරීමට දයාසිරි ජයසේකර ඇමැතිවරයා කළ ප්‍රකාශය පය බරවායට පිටිකරට බෙහෙත් බැඳීමක් යැයි ද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාලක පොදුජන පෙරමුණට මැතිවරණය පැවැත්වීමට බල කළ නොහැකිව කළ හීන පෞරුෂ ප්‍රකාශයක් යැයි ද ගජනායක මහතා සඳහන් කළේය.

පළාත් සභාවලට පැරැණි නියෝජිතයන්ම පත්කිරීමට කිසිදු නීතිමය හෝ සමාජ දේශපාලනික අවශ්‍යතාවයක් නැතැයි ද එසේ නම් ඇමැතිවරුන් බල කළ යුත්තේ පාලක සන්ධානයට මැතිවරණය පැවැත්වීමට යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...