25 C
Colombo
Monday, May 20, 2024

චීනය ණය සහන නොදුන්නොත් ලාඕසයත් ඉවරයි

- Advertisement -

අග්නිදිග ආසියාතික රාජ්‍යයක් වන ලාඕසය, තීව‍්‍ර වන ආර්ථික හා මූල්‍ය අර්බුදවලට මුහුණ දී සිටින අතර යම් ආකාරයක චීන ණය සහනයකින් තොරව ගැලවීමට මගක් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලාඕසය, චීනයේ මුල්‍යාධාර මත අධිවේගී දුම්රිය මාර්ග පද්ධතියක් තැනීමෙන් පසු ණය ගෙවීම පැහැර හැරීමේ අවස්ථාවකට මුහුණ දී සිටියි.

ටෝකියෝ විශ්ව විද්‍යාලයේ මහජන ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්යවරයෙකු වන ටොෂිරෝ නිෂිසාවා පවසන්නේ ලාඕසය ආර්ථික හා මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන බවට සැකයක් නැති නමුත් චීනය ලාඕසයට ණය ගෙවීම පැහැර හැරීමට ඉඩ දෙනු ඇතැයි ඔහු නොසිතන බවයි.

චීනයට ලාඕසය ගෙවීමට ඇති නියම ණය ප්‍රමාණය විවාදාත්මක වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 7.2 ක් පමණ බවත් එය රටේ නිල ණය වන ඩොලර් බිලියන 14.5 න් අඩකට ආසන්න ප්‍රමාණයක් බවත් ලෝක බැංකුව ගණන් බලා ඇති බව ඒෂියා ටයිම්ස් වාර්තා කර තිබේ.

ෙහාවඩ් ව්‍යාපාර සමාලෝචනය 2020 දී ඇස්තමේන්තු කර ඇත්තේ චීන රාජ්‍යය සහ එහි අනුබද්ධ සමාගම් ලොව පුරා රටවල් 150 කට වැඩි ගණනකට සෘජු ණය සහ වෙළඳ ණය වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.5 ක් පමණ ලබා දී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...