25 C
Colombo
Monday, May 20, 2024

සෞඛ්‍ය නීති කඩමින් දේවි බාලිකාවේ පිරිතක්

- Advertisement -

කොවිඩ් වසන්ගතය හමුවේ රට තුළ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කොළඔ, දේවි බාලිකා විද්‍යාලයේ ජනවාරි 15 වන දින පිරිත් දේශණයක් සංවිධායනය කර ඇති බව වාර්තා වේ.

එම විද්‍යාලයේ විදුහල්පතිනිය, අංශ භාර ප්‍රධානින් දැනුවත් කර ඇත්තේ පාසලේ සියළුම ගුරුවන්ට පෞද්ගලිකව දූරකථනය හරහා දැනුවත් කර පිරිත් දේශණයට සහභාගී වල ලෙස දන්වන ලෙසය.

එම විද්‍යාලයේ ගුරුවන් 160 ක් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයන්ද එකතු වූ විට එම පිරිත් දේශණයට සහභාගී වීමට නියමිත සංඛ්‍යාව 200 දෙනෙකි.

විද්‍යාලයේ ගුරුවරුන් වෙනත් දිස්ත්‍රික්කවල සිට පැමිණෙන බැවින් යම් අයෙකුට කොවිඩ් 10 වෛරසය ආසාදනය වී ඇත්නම් අනෙක් කාර්ය මණ්ඩලයටද වෛරසය පැතිරීමේ දැඩි අවධානමක් ඇති බවත් ගුරුවරු කිහිපදෙනෙක් අප සමඟ අදහස් දක්වමින් පැවසීය.

අදාල පිරිත් දේශනය එම විද්‍යාලයේ වාර්ෂිකව පවත්වන වැඩසටහනක් නමුත් මෙවැනි වසන්ගතයක් හමුවේ පිරිස් එක්රුස් කිරීම නුසුදුසු බවත් ඔවුන් පවසයි.

තවද පසුගිය ජනවාරි 01 වන දිනද නව වසරේ උදාව සැමරීම සදහා ගුරුවරුන් සියළු දෙනාව එම පාසලට කැඳවා ඇති බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...