26 C
Colombo
Saturday, May 18, 2024

පළමු කොවිඩ් රෝගීයා හමුවී වසර තුනකට පසුවත් වූහාන් යළි වැසෙයි

- Advertisement -

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම චීනයේ වුහාන් සිට වයඹ දෙසින් ෂිනින් දක්වා චීන නගරයන් අගුලු දැමීම හේතුවෙන් මිලියන ගණනක් ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති බව වාර්තා වේ.

චීනය පසුගිය බ්‍රහස්පතින්දා රට පුරා නව කොවිඩ් රෝගීන් 1,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් තෙවැනි දිනටත් වාර්තා කර තිබිණ.

මෙම වසර මුලදී ෂැංහයි සම්පූර්ණයෙන්ම අගුලු දැමීමකට ලක් කිරීමේදී දිනකට දස දහස් ගණනක් වශයෙන් රෝගීන් වාර්තා වීම සමඟ සසඳන විට එය සාමාන්‍ය අගයක් වුවත් තවත් සීමා කිරීම් සිදුකිරීමට එය ප්‍රමාණවත් බවයි එරට වාර්තාවල දැක්වේ.

2019 අග භාගයේදී ලොව ප්‍රථම වරට කොවිඩ් පැතිරීම ආරම්භ වූ වුහාන් හි, මේ සතියේ දිනකට නව ආසාදන රෝගීන් 25 ක් පමණ වාර්තා වූ අතර පසුගිය දින 14 තුළ නගරයේ රෝගීන් 240 ක් වාර්තා වී තිබේ.

ප්‍රාදේශීය බලධාරීන් වුහාන්හි එක් දිස්ත්‍රික්කයක 800,000 කට වැඩි පිරිසකට ඔක්තෝබර් 30 දක්වා නිවෙස්වල රැඳී සිටින ලෙස නියෝග කර ඇත.

දේශීය ඌරු මස් සැපයුම් දාමය හරහා කොවිඩ් ව්‍යාප්ත වී ඇති බවට සමාජ මාධ්‍යවල පින්තූර සහ පෝස්ට් පළවීමත් සමග සමහර ප්‍රදේශවල ඌරු මස් විකිණීම ද අත්හිටුවා ඇති බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...