30 C
Colombo
Tuesday, May 7, 2024

පකිස්තානයේ කාන්තා පාසල් ගිනි තැබීමේ රැල්ලක්

- Advertisement -

පාකිස්ථාන පාලනය යටතේ ඇති කාශ්මීරයේ ගිල්ගිට්-බල්ටිස්තානයේ ඩයමර් දිස්ත්‍රික්කයේ බාලිකා පාසලකට ගිනි තබා දින කිහිපයකට පසු, ගිසර් දිස්ත්‍රික්කයේ තවත් බාලිකා පාසලකට ගිනි තැබීමට ත්‍රස්තවාදීන් උත්සාහ කළ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත්, ගන්ඩා-ඊ-යසින් ප්‍රදේශයේ පාසලේ දොර පමණක් ගිනි තබා ඇති අතර බිත්තියේ යම් පණිවිඩයක් දැකගත හැකි වූ බව පැවසේ.

මෙම සිදුවීම සිදුවන්නේ ගිල්ගිට්-බල්ටිස්තානයේ ඩයමර් දිස්ත්‍රික්කයේ බාලිකා පාසලක් ගිනි තබා සතියකට පසුවය.

ඩයමර් ප්‍රදේශයේ බාලිකා පාසලකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම කනස්සල්ල පල කර තිබේ.

ඩෝන් පුවත්පතට අනුව, ප්‍රාදේශීය නිලධාරීන් මෙම පිළිකුල් සහගත ක්‍රියාවට ත්‍රස්තවාදීන් වගකිව යුතු බව පවසා ඇති අතර අධ්‍යාපන ආයතනවලට ආරක්ෂාව සපයන බවට පොරොන්දු වී ඇත.

ප්‍රකාශයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම ගිල්ගිට්-බෝල්ටිස්තාන රජයෙන් ඉල්ලා සිටියේ දරුවන්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය ආරක්ෂා කිරීම සහතික කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජාතික ගුරු සභාවට කැබිනට් අනුමැතිය

අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් හරහා ගුරුවරුන්ගේ වෘත්තීමය භාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතයන් හා සමගාමීව ජාතික...

මන්නාරම සුළං බලාගාර ටෙන්ඩරය අදානිට

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි...

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව අප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...