29 C
Colombo
Saturday, May 18, 2024

ලොව අංක දෙකේ පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

- Advertisement -

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවන බෙල්ජියම් කණ්ඩායමට විසි එක් වැනි සියවසේ පළමු වරට ලෝක මට්ටමේ හෝ යුරෝපා මට්ටමේ පාපන්දු තරගාවලියකදී පලමු වටයෙන් ම ඉවත් වන්නට සිදු වුණා.

ඒ ක⁣ටාර් හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එෆ් කාන්ඩයේ ක්‍රොඒෂියා කණ්ඩායම සමග පැවති තීරණාත්මක තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමඟයි.

මේ තරගයේ සම්පූර්ණ කාලය තුළදී කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට නොහැකි වුණා.

මේ තරගයේ දී බෙල්ජියම් කණ්ඩායමට සහ ක්‍රොඒෂියා කණ්ඩායමට ගෝල වාර්තා කිරීමේ අවස්ථා කිහිපයක් ලැබුණද ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට කණ්ඩායම් දෙකටම හැකියාවක් ලැබුණේ නැහැ.

එෆ් කාණ්ඩයෙන් තරග වැදී ක්‍රොඒෂියාව එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූයේ තරග තුනකට එක් වී එක් තරගයක් ජයග්‍රහණය කර තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමා කර ගනිමින්.

ඒ අනුව ඔවුන් ඉදිරියේ සටහන්වී තිබුණු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පහක්.

බෙල්ජියම් කණ්ඩායම මෙම තරගාවලිය තුළ දී තරග තුනකට එක් වී එක් තරගයක් ජයග්‍රහණය කර එක් තරගයක් පරාජය වී එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීම හේතුවෙන් ඔවුන්ට හිමිව තිබුණේ ප්‍රසාද ලකුණු 4ක් පමණයි.

සමස්ත කණ්ඩායම් වටයේ තරගවලදී සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජයගෙන එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කළ මොරොක්කෝ කණ්ඩායම එෆ් කාණ්ඩයේ පෙරමුණ ගත්තා.

ඔවුන් එෆ් කාණ්ඩයේ අවසන් තරගයට එක් වූයේ කැනඩාව සමගයි.

එම තරගය 2 -1 ලෙස ජය ගැනීමට සමත් වූ මොරොක්කෝව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පිලිමලුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබුවේ වසර 36කට පසුවයි.

RECENT ARTICLES - SINHALA

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ,...

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා...

යුද්ධය නිමවී අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...