30 C
Colombo
Tuesday, May 7, 2024

නිතීඥවරුන්ට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය ගොනු කළ බී වාර්තාව ඉල්ලා අස්කරගෙන

- Advertisement -

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පසුගිය 18 වැනිදා නිතීඥවරුන් පිරිසක් කළ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ කෙසෙල්වත්ත පොලිසිය අධීකරණයට ගොනු කර තිබු බී වාර්තාව අද (24) ඉල්ලා අස් කර ගැණුනා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට නිතීපති දෙපාර්තමේන්තුව අයුතු බලපෑම් සිදුකළේ යැයි පවසමින් නිතීඥවරුන් පිරිස එදින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිතරණය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

ඊට සහභාගී වූ නිතීඥවරුන් තුන්දෙනෙකු ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට හමුවේ බී වාර්තාව ගොනු කර තිබුණා.

එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පොලිසියට නියම කර තිබුණේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

කෙසේ වෙතත්, එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ වාර්තාව සම්බන්ධ වැඩිදුර පියවර නොගෙන ඉල්ලා අස්කරගැනීමට අවසර පතන බවයි.

ඊට ඉඩ දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අදාළ නඩු කටයුත්ත අවසන් කළා.

RECENT ARTICLES - SINHALA

ජාතික ගුරු සභාවට කැබිනට් අනුමැතිය

අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් හරහා ගුරුවරුන්ගේ වෘත්තීමය භාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතයන් හා සමගාමීව ජාතික...

මන්නාරම සුළං බලාගාර ටෙන්ඩරය අදානිට

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි...

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව අප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...