25 C
Colombo
Monday, May 20, 2024

මුදල් නැති නිසා පාකිස්තානය තානාපති සේවය කප්පාදු කරයි

- Advertisement -

විදේශයන්හි විදේශ දූත මණ්ඩල ගණනාවක් කප්පාදු කිරීමට සහ ඔවුන්ගේ කාර්යාල, කාර්ය මණ්ඩලය සහ වියදම් සියයට 15 කින් කපා හැරීමට පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් හොඳින් සලකා බැලූ යෝජනාවක් හා සැලැස්මක් සති දෙකක් ඇතුළත අගමැති කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇති බවයි වාර්තා සඳහන් කරයි.

පවතින ආර්ථික ගැටළු සහ එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහ බාහිර හිඟය පාලනය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, ජාතික කප්පාදු කමිටුවක් (NAC) පිහිටුවීමටද අගමැතිවරයා කටයුතු කර ඇත.

ඒ අනුව විදේශයන්හි පාකිස්ථාන දූත මණ්ඩල සඳහා වන වියදම් සියයට 15 කින් අඩු කළ හැකි බව කමිටුව නිර්දේශ කර තිබේ.

විදේශ දූත මණ්ඩල සංඛ්‍යාව සීමා කිරීම, එහි සේවයේ යොදවා ඇති නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සංඛ්‍යාව අඩු කිරීම සහ වෙනත් සුදුසු ක්‍රියාමාර්ග මගින් බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග සාක්ෂාත් කරගත හැකි බවයි එම කමිටුව නිකුත් කල නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...