27 C
Colombo
Sunday, May 19, 2024

තිස්ස විතාරණ පක්ෂ ලේකම් ධූරයෙන් දොට්ට

- Advertisement -

ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතාව ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා.

සමාජවාදී ජනතා පෙරමුණ වශයෙන් වාර්ෂිකව සංවිධානය කරන මැයි දින රැලියෙන් තම පක්ෂය ඉවත් කරගෙන වෙනම මැයි රැලියක්  පවත්වා ආණ්ඩුවට එකතු වීමට තිස්ස විතාරණ මහතා උත්සාහයක කිරීම නිසා ඒ මහතාව මෙසේ ඉවත් කිරීමට කටයුතු කළ බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු සඳහන් කළා.

ඒ අනුව පසුගිය අප්‍රේල් 22 වනදා පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තිස්ස විතාරණ මහතාව ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් ක නව ප්‍රධාන ලේකම්ව ලෙස වේලප්පුලිගේ අබේසේන මහතා පත්කර තිබෙන බවට වාර්තා වෙනවා.

කෙසේවෙතත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසන්නේ තමන්ට නොදන්වා 22 වනදා පැවති මධ්‍යම කාරක සභා රැස්වීම නීත්‍යානුකූල එකක් නොවන බවත් තවදුරටත් පක්ෂයේ නීත්‍යානුකූල ප්‍රධාන ලේකම්වරයා තමන් බවත් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...