26 C
Colombo
Saturday, May 18, 2024

මෙරට වෛද්‍යවරයකුට ඇමෙරිකාවේදී සිර දඬුවම්

- Advertisement -

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ට්‍රැට්ෆර්ඩ් නගරයේ වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකුට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය වසර හතරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා සැපයීමේදී ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් එරට රජයට වංචා කිරීම සම්බන්ධයෙනි.

ආනන්තකුමාර් තිලෛනාතන් නම් මෙම වෛද්‍යවරයා පසුගිය නොවැම්බර් මස වංචා කිරීම පිළිබඳ එල්ල වූ චෝදනාවට තමන් වරදකරු යැයි පිළිගෙන ඇති අතර අධිකරණය දඬුවම ප්‍රකාශයට පත් කරන තෙක් බැඳුම්කරයක් මත නිදහස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙඩිකෙයාර් නම් වෛද්‍ය සායනයේ හිමිකරු මෙන්ම සභාපතිවරයාද වන ආනන්තකුමාර් තිලෛනාතන් නම් මෙම වෛද්‍යවරයා ඔහුගේ රෝහලට පැමිණෙන රෝගීන්ට එහි සේවය කරන කාර්ය මණ්ඩලය මනෝ චිකිත්සක සේවා ලබා නොදෙන බව දැන දැනත් රෝගීන්ට මනෝ චිකිත්සක සේවා ලබා දීම වෙනුවෙන් රාජ්‍ය මෙඩිකේඩ් සෞඛ්‍ය රක්ෂනාවරණයෙන් ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් අය කරගෙන ඇතැයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

වසර හතරක සිර දඬුවම ගෙවා නිම කිරීමෙන් පසු තවත් වසර තුනක් පරිවාස නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිටිය යුතු බව බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණයේ දිසා විනිසුරු ස්ටෙෆාන් අන්ඩර්හිල් මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළා.

එසේම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් ආපසු ගෙවීමට නියෝග කර ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් දින 60 ක් ඇතුලත ගෙවීමට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය නියෝග කර ඇතැයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...