25 C
Colombo
Monday, May 20, 2024

කළුතර පාසල් සිසුවියගේ මරණය ගැන හෙළිවූ අලුත්ම තොරතුරු මෙන්න

- Advertisement -

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී මියගිය පාසල් සිසුවිය ප්‍රධාන සැකකරුට අලෙවි කළේ දැයි තහවුරු කරගැනීමට පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරික්ෂා කිරීම සඳහා අධිකරණය ඊයේ (15) අවසර ලබාදී තිබෙනවා.

ඒ සිද්ධියට අදාළ නඩුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (15) යළි කැඳවූ අවස්ථාවේදීයි.

මේ අතර සිද්ධියට අදාළව මුදලට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා විකිණීම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වනවා.

මේ වන විට සිදුකළ විමර්ශනවලදී සැක මතුවී ඇත්තේ මියගිය දැරියගේ මිතුරියගේ පෙම්වතා යැයි කියන තැනැත්තා ප්‍රධාන සැකකරුට රුපියල් 20000ක මුදලට දැරිය අලෙවි කර ඇති බවයි.

ප්‍රධාන සැකකරු ඊට අත්තිකාරමක් ලෙස රුපියල් 12000ක් එම පුද්ගලයාගේ ගිණුමට බැර කර ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය හෙළිව ඇති බව සඳහන්.

මේ අනුව අදාළ පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරික්ෂා කිරීමට විමර්ශකයන්ට මෙලෙස අධිකරණයෙන් අවසර හිමිව තිබෙනවා.

කෙසේ නමුත් තමා අලෙවි කරන බවක් මියගිය දැරිය දැන සිටියේ ද යන්න නැද්ද පිළිබඳව මෙතෙක් කරුණු හෙළි වී නොමැත.

ඊට අමතරව තරුණිය ඉහළ මහලෙන් ඇඳ වැටීමට ඇයට දුරකථන ඇමතුමක් ආ බවට ප්‍රධාන සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම අධිකරණ කටයුතු ඊයේ (15) කළුතර මහේස්ත්‍රාත් නීතා හේමාමාලි හාල්පන්දෙණිය මහත්මිය ඉදිරියේ ආරම්භ කෙරුණු මාධ්‍ය ආවරණය සඳහා අධිකරණ වාර්තාකරුවන්ට අවසර ලබා නොදී තිබුණා.

නඩු වාරය අතුරතුරදී පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥයින් අතර උණුසුම් විවාදයක් ද සිදුව ඇති බව වාර්තා වුණා.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය රිමාන්ඩ් භාරයේ සිටි එක් සැකකාරියක් ඇප මත මුදා හැරීමට නියෝග කළා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ සිද්ධිය වූ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳවයි.

ඒ රුපියල් ලක්ෂ 2කටයි.

රිමාන්ඩ් භාරයේ සිටින, මියගිය දැරියගේ මිතුරිය, ඇගේ පෙම්වතා සහ රියදුරා යන සෙසු සැකකරුවන් තිදෙනා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

සිද්ධියේ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා ඇතුළු නිලධාරීන්ට කළුතර බන්ධනාගාරයට ගොස් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදී තිබුණා.

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයාමට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයෙන් මේ වන විට සිදුකරමින් පවතිනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවනවා.

රිමාන්ඩ් භාරයේ පසුවන සෙසු සැකකරුවන් වන මියගිය දැරියගේ මිතුරිය, ඇයගේ පෙම්වතා, ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) යළි ඉදිරිපත් කළා.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ මියගොස් ඇති දැරියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමියෙන් පිටත ඉදිරිපුට ගාලු පාරේ පෙළ ගැසී දැරියට සාධාරණයක් ඉටු කරන මෙන් ඉල්ලා නිහඬ විරෝධතාවයක ඉල්ලා වුණා.

මේ හේතුවෙන් කළුතර නගරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...