ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය අද (27) නැවතත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 301.32ක් ලෙසයි සටහන් වුණේ.
එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 316.72 ක් ලෙසයි.
මේ අතර ඊයේ (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.83ක් ලෙස හා විකුණුම් මිල රුපියල් 314.92ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.
මේ අතර, අද දිනයේ මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 300.71 – රු. 318.05
සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00
කොමර්ෂල් බැංකුවේ – රු. 299.66 – රු. 316.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 302.00 – රු. 318.00
සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 315.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 319.00
එන්.ඩී.බී. (NDB) – රු. 300.00 – රු. 315.00
අමානා බැංකුව – රු. 305.00 – රු.315.00
ලංකා බැංකුව – රු.302.00 – රු. 316.42