27 C
Colombo
Sunday, May 19, 2024

තොරතුරු කොමිසමෙන් පාර්ලිමේන්තු නිලධාරීන්ට දොස්

- Advertisement -

සහරාන්ගේ බිරිඳ අබ්දූල් කාදර් ෆාතිමා හාදියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු දෙනකු පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිෂන් සභාවට ලබා දුන් සාක්කිවල පිටපත් ලබා නොදීමට අදාලව මාස හතක් පූරා පැවති අභියාචනා විභාගය අද(05) අවසන් කර තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව තීන්දූව සඳහා නියම කර තිබෙනවා.

මෙම පිරිස ජනාධිපති කොමිෂන් සභාව හමූවේ ලබා දූන් සාක්කිවල පිටපත් ඉල්ලමින් සමාජය හා සාමයික කේන්ද්‍රය වෙනූවෙන් තරිඳූ ජයවර්ධන ඉදිරිපත් කළ තොතුරු ඉල්ලීමකට අදාල අභියාචනය අද කැඳවනු ලැබුවා.

ඒ අනුව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන අභියාචනාධිකරණයේ හිටපූ සභාපති විනිසුරු රෝහිණී මාරසිංහ, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියනආරච්චි සහ ඒ් ඒම් නහියා යන යන මහත්ම මහත්මීන් ඉදිරියේ දී විභාගයට ගැණුනා.

එහිදී නීතිඥ සුරේන් ඩී පෙරේරා හා නීතිඥ මනුෂිකා කුරේ විසින් සකස් කරන ලද පිටු 10ක ලිඛිත දේශනයක් තවත් ඇමුණු 20ක් සමඟ කොමිසමට ඉදිරිපත් කරමින් අභියාචක දැනුම් දූන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් වරින් වර තම ස්ථාවරය මාරු කර ඇති බවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මුලින් මෙම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ තමන්ගේ සන්තකයේ, භාරයේ හෝ පාලනයේ තොරතුරු නොමැති බව කියමින් බවත්, ඒ්වා සන්තකයේ භාරයේ පාලනයේ තිබෙන බවට අභියාචකගේ නීතිඥවරයා කරුණු දැක්වීමෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තම ස්ථාවරය වෙනස් කර ගනිමින් ඒම තොරතුරු ලබා දීම මගින් බලතල හා වරප්‍රසාද පනත උල්ලංගණය වන නිසා ලබා දිය නොහැකි බව පැවසූ බවත් අභියාචක සඳහන් කළා.

එසේ තිබියදී ජුනි 28 තොරතුරු කොමිසමට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා නැවත වරක් ස්ථාවරය වෙනස් කරමින් පාස්කු වෙලූම් රඳවා තබා ගෙන සිටයද ඒ්වා සන්තකයේ භාරයේ හෝ පාලනයේ නොමැති බව සඳහන් කර ඇති බවත්, පාර්ලිමේන්තූවේ තොරතුරු නිලධාරීගේ කරුණූ දැක්වීම අසත්‍ය බව අභියාචකගේ ලිඛිත දේශනයෙන් ඔප්පූ කර ඇති බවත් අභියාචක අවධාරණය කළ බව සඳහන්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වරින් වර ස්ථාවර වෙනස් කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බවත්, අදාල වෙලූම් සන්තකයේ භාරයේ පාලනයේ නැතැයි ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද යන්න ගැනත් තොරතුරු කොමිසම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් නිලධාරීන් සඳහන් කළේ ඒම වෙළුම් පාර්ලිමේන්තුවේ රඳවා තබා ගැනීම පමණක් කරන බවයි.

ඒ අනුව කොමිසම විසින් රඳවා තබා ගැනීම යනූ පාර්ලිමේන්තුවේ භාරයේ හෝ සන්තකයේ තිබීම නොවේදැයි ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් එය බාරයේ තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීන් පිළිගත්තා.

පාර්ලිමේන්තුවේ නිලධාරීන් නීතියට අනුකූල නොවන ලෙස ලිඛිත දේශන ඉදිරිපත් කිරීම ගැන අප්‍රසාදය පළ කළ තොරතුරු කොමිසම , කොමිසමට අසත්‍ය කරුණු දැක්වීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද අවධාරණය කළා.

ඒ් අනූව අගෝස්තු 04 වැනිදාට පෙර අවසන් වරට ලිඛිතව කරුණු දැක්වීම් කරන ලෙස පාර්ලිමේන්තුවට දැනූම් දුන් තොරතුරු කොමිසම ඊට පිළිතුරු සැපයීම සඳහා අභියාචකට අගෝස්තු 18 තෙක් කල් දෙමින් මාස හතක් පුරා පැවති අභියාචනා විභාගය අවසන් කළා.

ලිඛිත දේශන ලැබුණු පසු සියලු කරුණු සලකා බලමින් තොරතුරු කොමිසමේ තීන්දූව ප්‍රකාශයට පත් කරන බව කොමිසම දෙපාර්ශ්වයටම දැනුම් දූන්නා.

අද අභියාචක තරිඳූ ජයවර්ධන වෙනවෙන් නීතිඥ මනුෂිකා කූරේ මහත්මිය පෙනී සිටි අතර අභියාචනා විභාගය නිරීක්ෂණය කිරීම සඳහා සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...