26.8 C
Colombo
Sunday, May 19, 2024

ලැඟුම්හලක තරුණියක් අභිරහස් ලෙස මිය ගිහින්

- Advertisement -

රක්වාන ප්‍රදේශයේ ලැඟුම්හලක නාන කාමරයක ගෙල වැලලාගෙන සිටි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් ඊයේ (04) දිනයේ සොයා ගෙන තිබෙනවා.

අදාළ තරුණි තරුණයෙකු සමඟ පැමිණ තිබෙන අතර එම තරුණයා ආහාර ගෙන ඒම සඳහා ලැඟුම්හලෙන් පිටතට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම තරුණයා ආහාර රැගෙන නැවත ලැඟුම්හලට පැමිණෙන විට එම තරුණිය ඇඳ සිටි ඇඳුමේ කොටසකින් නානකාමරේ ගෙල වැලලාගෙන සිටි බව තරුණයා පවසා තිබෙනවා.

තරුණයා මේ පිළිබඳව ලැඟුම්හලේ සේවකයින් දැනුම් දීමෙන් අනතුරුව ඇයව රෝහල් ගත කිරීමට අදාළ තරුණයා පියවර ගෙන තිබූ බව පොලිසිය සඳහන් කළා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් ව තරුණියක් වන අතර අනෙක් තරුණයා 23 හැවිරිදි පුද්ගලයෙක් වන බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසා සිටියේ මෙම සිදුවීම ඝාතනයක්ද නැතිනම් සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

වැසි තත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි...

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් හමුවී තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...