25 C
Colombo
Sunday, May 19, 2024

ලොව වඩාත් උණුසුම් දිනය මෙන්න

- Advertisement -

මෑත ඉතිහාසයේ ලොව වඩාත් උණුසුම් දිනය ලෙස පසුගිය ජූලි මස 03 වනදා වාර්තා අතරට එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පසුගිය ජූලි 03 වනදා ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් .

ලොව සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 ක් දක්වා ඉහළ ගිය පළමු අවස්ථාව ලෙසද එය වාර්තා අතරට එක්ව තිබෙනවා.

එක්සත් ජනපද පර්යේෂකයින් පවසා ඇත්තේ මෙම නව වාර්තාව 19 වන සියවස අග භාගයේ සිට මේ දක්වා වාර්තාවූ ඉහළම උෂ්ණත්වය වන බවයි.

පාරිසරික පුරෝකථනය සඳහා වන එක්සත් ජනපද ජාතික මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව මීට පෙර ලෝකයේ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 16 දශම 9 යි 2 ක් වාර්තා වී ඇත්තේ 2016 වර්ෂයේ අගෝස්තු මාසයේදීයි.

මේ අතර මෙතක් වාර්තාවී ඇති ලොව උණුසුම්ම මාසය ලෙස පසුගිය ජුනි මාසයද වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඒලිලිනෝ ස්වභාවික කාලගුණික සිදුවීම් සහ මිනිසා විසින් සිදුකරන කාබන්ඩයොක්සටිඩ් වායු විමෝචනයේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උණුසම ඉහළ යමින් ඇති බව විද්‍යාඥයන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...