25 C
Colombo
Monday, May 20, 2024

හරක් හොරකමේ ගිය පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

- Advertisement -

කන්තලේ, භාතියගම ප්‍රදේශයේදී එළ ගවයකු සොරා ගෙන මස් පිණිස විකිණුවේ යැයි පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ පොලිසියට අනුයුක්තව සේවය කරන එම ප්‍රදේශයේම පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක්.

පොලීසිය පවසන්නේ කන්තලේ, භාතියගම ප්‍රදේශයේ ගෙවත්තක තණ කෑම සඳහා බැඳ සිටි එළ ගවයකු මෙලෙස මෙම පොලිස් කොස්තාපල් විසින් සොරකම් කර ඇති බවයි.

එම ගෙවත්තේ බැඳ දමා සිටි ගවයා තඹලගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට මස් සඳහා විකුණා ඇතැයි පොලිසිය පවසනවා.

සිදුවීම සම්බන්ධයෙන් කන්තලේ මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ගෝල්ෆේස් තොරණ කඩන් වැටිලා

0
එළැඹෙන වෙසක් දිනය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොට පිටියේ ඉදිවෙමින් පැවති තොරණ අද (20) පැවති අධික වර්ෂාවත් සමඟ කඩාවැටී තිබෙනවා. 'සම්බුද්ධාභිවන්දනා කොළොම්තොට වෛශාක්‍ය මංගල්‍යය' නමින් පැවැත්වෙන...

වෙසක් පෝයට සුරාසැල් වැසෙන දින මෙන්න

වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පොහොය දින (23) සහ වෙසක් පොහොය දිනට පසු දින (24) යන දින දෙකෙහි දිවයිනේ සියලුම සුරාසැල් වසාතැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා...

නිවසක සිටි කාන්තාවකට මා‍රාන්තික ඇසිඩ් ප්‍රහාරයක්

කහව නිවසක කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. අම්බලන්ගොඩ පොලීසිය පවසන්නේ මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ කාන්තාව මිය ගොස් ඇති බවයි. පාසලකට ආහාරපාන සපයන වසය 59ක් පමණ වන...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...