25 C
Colombo
Monday, May 20, 2024

ලංසා පොහොට්ටුවෙන් ගේම ඉල්ලයි

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිහාසය ගැන කතාකිරීම සඳහා හැකිනම් ඕනෑම විවාදයකට එන්නැයි නව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අභියෝග කරනවා.

එය ඕනෑම නාලිකාව සජීවිව පැවැත්වීමට තමන් සුදානම් බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

පොහොට්ටුවේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නව සන්ධානය පිළිබඳව සිදුකරන විවිධ ප්‍රකාශ සඳහා පිළිතුරු නොදෙන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විවිධ පාර්ශවයන් ලන්සා මහතාගෙන් සිදුකල විමසීමට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

පොහොට්ටුව නිර්මාණය කිරීමේ සැබෑ ඉතිහාසය තමන් එහිදී හෙළිකරන බවද ලන්සා මන්ත්‍රීවරයා පවසනවා.

එසේ නොමැතිව කිසිදු දේශපාලන හය හතරක් නොතේරෙන පුද්ගලයින්ට පොහොට්ටුවේ ඉතිහාසය ගැන කතාකිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද නිමල් ලන්සා මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඔවුන් සඳහන් කළේ අද(20) සිට...

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...