26.8 C
Colombo
Sunday, May 19, 2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජකයන් අතරට අදානි සමූහයත් එක් වෙයිද?

- Advertisement -

ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා ඇති අවස්ථාවන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වන අතර මේ වන විට  විවිධ පුද්ගලික ආයතන සහ ගුවන් සමාගම් සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා පවත්වන බව ch- aviation ආයතනය වාර්තා කරනවා.

මෙම අපේක්ෂිත ආයෝජකයන් අතරට එමිරේට්ස් (Emirates), ටාටා සන්ස් ( Tata Sons) සමාගමට අමතරව  අදානි සමූහය (Adani Group) අලුතින් එක්ව ඇති බව සඳහන්.   

ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්  The New Indian Express සමඟ පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය සඳහා ගුවන් සේවා ප්‍රාදේශීය කළමනාකරු වීරපෙරුමාල් රවීන්ද්‍රන් විසින් මෙම තොරතුරු හෙළි කර තිබුණා.

“ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළඹෙන ශීත සෘතුවේ කාල සටහන්වලට අනුව කොළඹ සහ තිරුවනන්තපුරම් අතර ගුවන් ගමන් වාර වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සතියකට ගුවන් ගමන් වාර හයේ සිට හත දක්වා වැඩි වීමක් සිදු වෙනවා.

ඒ සමඟම කෝචි වෙත සතියකට ගුවන් ගමන් වාර දහයක් පවත්වා ගැනීමටත් ප්‍රමාණවත් ගුවන් යානා තිබීම නිසා කෝචිකෝඩ් වෙත නව ගුවන් ගමන් මාර්ග ආරම්භ කිරීමටත් ඔවුන් අපේක්ෂා කරනවා.

පසුගිය මාස හත තුළ ඉන්දියාවේ  සිට ශ්‍රී ලංකාව දක්වා ගමන් වාරවල වර්ධනයක් නිරීක්ෂණය වී ඇති අතර එය ශ්‍රී ලංකාවට වඩා සුභදායී තත්වයක් වීමට හැකියාවක් පවතිනවා”

කෙසේ වෙතත් මෙම සකාච්ඡාවේදි ගුවන් සේවය විකිණීම සම්බන්දයෙන් කරුණු කිසිවක් හෙළිව තිබුණේ නැහැ.

ආරංචි මාර්ග පවසන්නේ, Air India, Air India Express, Vistara, and AirAsia India යන සමාගම්වල මව් සමාගම වන ටාටා සන්ස් (Tata Sons) සමාගම බොහෝ කලක සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අපේක්ෂිත ආයෝජකයෙකු වශයෙන් රැඳී සිටියත් අදානි සමූහයේ මැදිහත් වීම මෑත කාලීනව සිදු වූ වෙනසක් බවයි.

අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි, ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පවත්වා තිබුණා.

එහෙත් එම සාකච්ඡාවලදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් සිදුවන ගනුදෙනුවක් පිළිබඳ සඳහන් වී නොමැති බවයි වාර්තා වෙන්නේ.  

1998 වසරේ සිටම ශ්‍රීලංකන් ගුවන් සේවය, එමිරේට්ස් සමාගම සමඟ ගිවිසුම් ගතවී සිටින අතර එහිදී එමිරේට්ස් සමාගමට වසර 10ක  කළමනාකරණ සහනයක් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 43.63% ක කොටස් හිමි වී තිබුණා.

කෙසේ වෙතත්, එමිරේට්ස් සමාගමේ විධායක මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් 2008 වසරේදී එමිරේට්ස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ඇති ගිවිසුම අවලංගු කිරීමට තීරණය කර තිබුණා.

පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි කොටස් 2010 වසරේදී ශ්‍රී ලංකා රජයට පවරා දුන්නත්  එතැන් සිට ගුවන් සමාගම සඳහා උපාය මාර්ගික ආයෝජකයෙකු සොයා ගැනීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වී තිබෙනවා.

මෙම වාර්තාවෙන් කියවෙන පරිදි රාජ්‍ය වියදම් මත යැපීමෙන් තොරව ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ එයට ඇති ඉහළ ණය සේවා පිරිවැය සඳහා විසඳුම් සෙවීම පුද්ගලික ආයෝජකයන් වෙත පැවරීම අරමුණු කරගෙන  ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට  2022 වසරේදී ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

ආරංචි මාර්ග පවසන්නේ ගුවන් සමාගමේ මූල්‍යමය ගැටලු විසඳීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමුවනු ඇති අතර එය විකිණීම සම්බන්ධයෙන් පසුව තීරණය කෙරෙනු ඇති බවයි.

මේ අතර, මාස හයක් ඇතුළත මෙම ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කරන ලෙස ජූලි මස මුලදී ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා අවධාරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් හමුවී තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...