27 C
Colombo
Sunday, May 19, 2024

චැනල්-4 වීඩියෝව ගැන බ්‍රිතාන්‍යයෙන් විමර්ශනයක්

- Advertisement -

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල්-4 නාලිකාව ප්‍රචාරය කළ වීඩියෝව පිලිබඳ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

චැනල්-4 නාලිකාව නිකුත් කළ වීඩියෝ පටය මඟින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීට චෝදනා එල්ල කර තිබුණා.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පවසන්නේ තමා විසින් මීට පෙර එම චෝදනාවලට සාක්ෂි සහිතව පිළිතුරු ලබාදී තිබියදී චැනල්- 4 නාලිකාව විසින් සිතාමතා තමාව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බව ඔහු බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට දැනුම් දුන් බවයි.

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව එම කාර්යලය විසින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී වෙත දැනුම්දී ඇති බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...