26.8 C
Colombo
Sunday, May 19, 2024

ලංකාවේ මරණ ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

- Advertisement -

මෙරට තුළ සිදුවන මරණ අතුරින් හතරෙන් එකක් සිදුවන්නේ මාර්ගයේ සිදුවන වැරදි හේතුවෙන් බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මාර්ගයේ සිදුවන අනතුරුවලින් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි අනතුරු හේතුවෙන් සිදුවන බවයි.

“ශ්‍රී ලංකාවේ වර්ෂයකට 12,000ක් පමණ මියයනවා. මෙයින් හතරෙන් එකක් එනම් 3,000ක් පමණ මියයන්නේ, මාර්ගයේ සිදුවන වැරදි නිසා. ඒක ගණන් බැලුවොත් දිනකට 7 දෙනෙක් 8 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙනවා. දැනට ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන මුලස්ථානයේ සංඛ්‍යා ලේඛන දත්ත අනුව මේ 2023 වර්ෂයේ දී ජනවාරි 1 වනදා සිට අගෝස්තු 31 දක්වා මාරක රිය අනතුරු 1,427කින් පුද්ගලයින් 1,500ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ මාර්ග රිය අනතුරුවලින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් විශේෂයෙන්ම මියයන්නේ යතුරුපැදි අනතුරුවලින්. යතුරුපැදිවල පැදිකරුවන් සහ පසුපැදිකරුවන්. එතකොට 2023 වර්ෂයේ දී ජනවාරි සිට අගෝස්තු 31 වනතුරු රිය අනතුරු 612කින් යතුරුපැදිකරුවන් 630ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අපට අනතුරු අවම කරගැනීමට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වෙනවා 2030 වන විට 50%ක අඩු කරන්න. 50% කෙසේවෙතත් දිනකට 7ක් මියයන එක 4කට අඩුකර ගත්තොත් අපිට ලොකු ජයග්‍රහණයක්.”

මේ අතර හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරනු ලබන රියදුරන් සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී රියදුරන් 94 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද ඉන්දික හපුගොඩ මහතා තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...