25 C
Colombo
Monday, May 20, 2024

ආර්ථිකය බංකොලොත් කලාද අහන්න කබ්රාල්ව ගෙන්නලා

- Advertisement -

රට තුළ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ වත්මන් එක්සත් ජාතික පක්ෂ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද(15) කැඳවා තිබෙනවා.

2023 ජූලි මාසයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සොයා බලා සුදුසු යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එම තේරීම් කාරක සභාව පත් කරනු ලැබුවා.

මෙම තේරීම් කාරක සභාවේ සභාපති මන්ත්‍රී සාගර කාරියවසම් අදහස් දක්වමින් කියා සිටියේ අද දිනයේ සාක්ෂි දීමට කබ්රාල් සහ අබේවර්ධන කැඳවා ඇති බවත් ඉදිරියේදී තවත් සාක්ෂිකරුවන් රැසක් සාක්ෂි දීමට කැඳවන බවයි.

රට බංකොලොත් බවට පත් වූ අවස්ථාවේ මහබැංකු අධිපතිවරයාව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් බැවින් ඔහුව කමිටුව ඉදිරියට කැඳවන බව සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...